මට එය කෙසේවත් කරන්න බැහැ
"මට ඒක කරන්න බැහැ!". අසහනයට පත්වූ සිසුවෙක් විලාප නැගීය. පිටුවේ ඔහුට පෙණුනේ කුඩා අකුරුය. අසීරු අදහස්ය. එසේම සමාව නොදෙන අවසන් දිනයයි. ඔහුට තම ගුරුවරයාගේ උපකාරය අවශ්‍ය විය.
කන්ද උඩ දේශනාව කියවන විට අපටද එවැනි අසහනයක් ඇති විය හැකිය. "ඔබගේ සතුරන්ට පේ‍්‍රම කරන්න" (මතෙව් 5:44), කෝපය මිනීමැරුමට සමානය (29 පදය), සල්ලාල බැල්ම වෛශ්‍යාකමට සමානය (28 පදය). අපට එම ප්‍රමිතීන්ට අනුව ජීවත්…
ගැඹුරෙහි දෙවියන්වහන්සේ
ඔබ ගැඹුරු මුහුදට ගොස් ජල සාම්පලයක් ගන්නා සෑම විටම අලුත් ජීව විශේෂ ලැබේ. එසේ කියන්නේ සාගර ජීව විශේෂඥ වෝඞ් ඇපල්ටන්ස්ය. එක් වසරක් තුළ පමණක් විද්‍යාඥයෝ අලූත් විශේෂ ජීවීන් 1451 ක් ගැඹුරු මුහුදෙන් සොයා ගත්තෝය.
යෝබ් 38-40 වන පරිච්ඡේදවල යෝබ්ගේ යහපත පිණිස දෙවියන්වහන්සේ උන්වහන්සේගේ මැවීම පුනරීක්ෂණය කළ සේක. එම කාව්‍යමය පරිච්ඡේද තුන තුළ දෙවියන්වහන්සේ කාළගුණය, විශ්වයේ විශාලත්වය සහ එහි වාසස්ථාන වල…
අයිති වීම
සෑම සෙනසුරාදාවක් මෙන්ම ඊට පෙර රාත්‍රියෙහිද මා ආවේ රැ බෝවූ පසුවය. එවිට මගේ වයස අවුරුදු 20 කි. හැකි තරම් වේගයෙන් මම දෙවියන්වහන්සේගෙන් පැන දිවීමි. නමුත් ක්ෂණිකව පුදුම සහගත ලෙස එදින මාගේ පියා සභා පාලක ලෙස ක්‍රියා කළ සභාවට යාමට මට සිතුණි. මා පාට සේදී තිබුූ කලිසමද හොඳටම ගෙවී තිබූ ටී ෂර්ටයද හැඳ ගතිමි. පරණ සපත්තු දෙකත් දමා ගෙන නගරය හරහා…
සත්‍යයෙන්
වරස ගණනාවකට පෙර මම රටවල් දෙකක දෙදෙනෙකු විවාහ වූ මංගල්‍ය උත්සවයකට සහභාගි වීමි. සංස්කෘතික දෙකක එවැනි සංකලණයක් අලංකාර විය හැකිය. නමුත් මෙම උත්සවයට කිතුණු චාරිත්‍ර සහ බොහෝ දෙවිවරුන් ඇදහූ ධර්මයක සිරිත් විරිත්ද මිශ්‍ර විය.
අනාගතවක්තෘ ශෙපනියා සත්‍ය දෙවියන්වහන්සේ සමඟ අන් ඇදහිලි මිශ්‍ර කිරීම හෙලා දැක්කේය. යුදා, සත්‍ය දෙවියන්වහන්සේට නමස්කාර කළද මොලෙක්ටද (ශෙපනියා 1:15) නමස්කාර කරන සෙනගක් බවට පත්වී තිබුණි. ශෙපනියා…
අවසන් කැඳවීම
හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස වසර 20 ක් සේවය කළ පසු ජේම්ස් තම සමූහනයට සේවය කිරීම පිණිස නිවසට ආවේය. නමුත් ඔහුට හෙලිකොප්ටර් නැතුව බැරි විය. එසේ හෙයින් ඔහු ප්‍රාදේශීය ආරෝග්‍ය ශාලාවක ගුවන් නියමුවෙකු ලෙස සේවය කලේය. ඔහු වයසට යන තුරුම නියමු රැකියාව කළේය.
දැන් ඔහුට සමුදීමට කාලය පැමිණ තිබේ. මිතුරන්, පවුලේ අය සහ නිල ඇඳුම් ඇඳි හවුල් සේවකයන් සොහොනෙහි සීරුවෙන් සිටින අතර…
පෙනෙනවාට වඩා වෙනස්
"අහගෙන ඉන්න" මාගේ භාර්යාව දුරකථනයෙන් කීවාය. අපේ වත්තට වඳුරෙක් ඇවිල්ලා මට ඇසෙන ලෙස ඇය දුරකථනය ඒ දෙසට දිගු කර ගෙන සිටියාය. ඒ හඬ වඳුරෙක්ගේ වාගේමය. නමුත් එය විශ්වාස කිරීමට අසීරුය. ඊට හේතුව සමීපම වඳුරා සිටින්නේ සැතපුම් 2000 කට එහාය.
පසුව මගේ මාමා හරි කාරණය සොයා ගත්තේය. ඒ ලොකු බකමූණෙක්. සත්‍යය පෙනෙන ආකාරයට වඩා වෙනස්ය.
සෙනකෙරිබ් රජුගේ හමුදා හෙසකියාව යෙරුසලමේ තාප්ප…
අසාමාන්‍ය උපක්‍රම
1980 බොස්ටන් මැරතන් තරඟ පැවැත්වෙන විට ස්ත්‍රියක් උමං දුම්රියට දුවවිත් ගොඩවූවාය. එම ක්රියාවේ විශේෂත්වයක් නැත. එහෙත් ඇය තරඟයේ දිවිය යුතු විය. තරඟය බලා සිටි අය දුටුවේ ඇය තරඟය අවසන් කිරීමට සැතැපුමක් පමණ තිබියදී ඊට අවතීර්ණ වූ බවය. අනිත් සියලු ස්ත්‍රීන් ඉදිරියෙන් ඇය තරඟය අවසන් කළාය. ඇය වෙහෙසව සිටියේවත් දහඩියෙන් නැහැවී සිටියේවත් නැත. ටික වේලාවකට ඇය ජයග්‍රාහිකාව ලෙස පෙනිණි.
බොහෝ කලකට…
අතහැර යන්න එපා
1986 විශාල සභාවක සභාපාලකවරයෙකුව සිටියදී ජොන් පයිපර් සියල්ල අත්හැර දැමීමට සිතීය. "මම සෑහෙන්න කලකිරිලා, මට හැම පැත්තෙන්ම විරුද්ධකාරයෝ ඉන්නවා වගේ දැනෙනවා" යනුවෙන් ඔහු දිනපොතේ ලිවීය. එහෙත් පයිපර් අත්හැරියේ නැත. දෙවියන්වහන්සේ වර්ධනය වන්නාවූ සේවයක් සඳහා ඔහු පාවිච්චිකළසේක. එය ඔහුගේ සභාවට වඩා බොහෝ වර්ධනය විය.
"සාර්ථකත්වය" යනු පහසුවෙන් වැරදියට වටහාගන්නා වචනයක් වුවද ජෝන් පයිපර් සාර්ථක යැයි අපට කිවහැකිය. එහෙත් ඔහුගේ සේවය කිසිදා…
නිවස තුළ ඇති කතාන්දර
අතින් කපන ලද ලී කොට වලින් සාදන ලද ඓතිහාසික නිවස සඟරාවක පිටකවරයට සුදුසු පෙනුමෙන් යුතු විය. එම ව්‍යුහය පමණක් ගත් විට එය වස්තුවෙන් භාගයක් පමණි. එය තුළ පරම්පරාවලින් එන පවුලේ වස්තුව බිත්ති අලංකාර කළේය. ඒවා සියල්ල සමඟ මතකයන් විය. මේසය උඩ අතින් වියන ලද බිත්තර කූඩයක්, පුරාණ පාන් කපන ලෑල්ලක් සහ පහනකි. ඉදිරිපස දොේර වැස්සට සහ අව්වට පදම්වූ තොප්පියකි. නිවසේ සාඩම්බර හිමිකරුවා කීවේ සැම දෙයක් පසුපසම කතාවක් ඇත කියාය.…
සැඟවී සිටින සිංහයන්
මා කුඩා කල මාගේ පියා කැලැවේ සැඟවී සිට සිංහයෙකු මෙන් ගොරවා අප "භය" කරවයි. 1960දී අප ඝානාවේ ගම්බද පෙදෙසක සිටියද සිංහයෙකු අසල සිටීම කිසිසේත් විය නොහැකිය. මාගේ මල්ලිත් මාත් සිනහසෙමින් ශබ්දය ආවේ කොහෙන්දැයි සොයා යන්නේ පියා සමඟ සෙල්ලම් කිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටුවෙමිනි.
එක් දිනක් කුඩා මිතුරියක් අප බැලීමට ආවාය. අප සෙල්ලම් කරමින් සිටින විට අපට පුරුදු ගෙරවිල්ල ඇසිණි. අපේ මිතුරිය කැගසමින්…